මෙය එක්තරා ආකාරයකට දෙබරකට ගල් ගැසීමක් වේවි… මන්දයත් මෙය බොහෝ දෙනෙකුට බඩේ පහරක් වන්නටත් ඉඩ ඇති නිසාවෙනි. එවන් අය ඉවසා වදාරත්වා යැයි පළමුව දෙසමි. දෙවනුව එවන් අය නිවැරදි වෙත්වා යැයි පතමි.
මා වර්තමාන ආත්මය තුළ පාරම්පරික ශාස්ත්‍රවේදීනියක් නොවෙමි. ඒ මගේ පියා හෝ මුත්තා හෝ අන් කවරෙකු ශාස්ත්‍රවේදි යෙකු නොවූ නිසා. විශ්වය විසින් මීට වසර එකොළහකට පමණ පෙර බලහත්කාරයෙන් මා මේ මග රැගෙන ගියේය. අද වන විට ඒ ඇයිදැයි වැටහේ.
පූර්ව ආත්මයන් ගණනාවකදීම මා ශාස්ත්‍රය දරා ඇත්තෙමි. එවන් අයෙකු බලහත්කාරයෙන් විශ්වය විසින් ඒ මග රැගෙන යනු මා දුටු එකම අවස්ථාව මාගේ අවස්ථාවම පමණි. ග්‍රහයින් නව දෙනා හෝ නොහදුනන ලද මම විශ්වයේ බලහත්කාර කමට යටපත්ව විකල්පයක් නොවුණු තැන විශ්වය විසින් බලහත්කාරයෙන් මා තුළ ස්ථාපනය කරන ලද පුස්තකාලයේ පිටු එකිනෙක පෙරළුවෙමි.
ඒ ඒ සෑම ශාස්ත්‍රිය ක්‍රියාවක් තුලින්ම ගුරු පඬුරු ලැබීමකට පෙර එය සමාජ සත්කාරයක් ලෙස ගුරු පඬුරු නොලබා සමාජයට දායාද කළෙමි. නාම පට බන්ධනයේ දී මෙසේ ගුරු පඬුරු නොලබා නාම පළ විග්‍රහයන්හි යෙදුණු මීට වසර නමයකට විතර පෙර විග්‍රහය පිණිස ඉදිරිපත් කෙරුණු නාමයන් හාරසිය පනස් ගණනක් අතරින් සුබවාදී නාමයන් තිබුණේ හතරක් පමණි. ජාතියටම සිදුව ඇති ව්‍යසනය දැනුනි. එහෙත් ඒ බොහෝ වස් කවි බඳු නාමයන් ලබාදී තිබුණේ එවකට පමණක් නොව මේවකත් අති සුප්‍රසිද්ධ හෙළ මහා ප්‍රාඥයෙකු ට අයත් ආයතනයක් විසිනි. අද උන්නාස්සෙ ජීවතුන් අතර නැති නමුත් උරුමක්කාරයන් විසින් තවමත් ඒ වස් කවි බැඳීම ජාතියට ම සිදු කරමින් පවතී.
මේ ප්‍රකාශය ඉතාම ප්‍රබල ප්‍රකාශයකි. මා හැරුණු කොට මේ සත්‍ය ප්‍රසිද්ධියේ පිළිගනු ලබන්නේ මාකුඹුරේ ජී එම් ගුණපාල විද්වතාණන් පමණි.
නාම පට බන්ධනය තුළ පවතින සප්ත සීහුම පිළිබඳව කිසිදු තැකීමකින් තොරව උපන් නැකත ලග්නය හෝ දිනය මුල් කර ගනිමින් සිදු කරනු ලබන මේ මහා ව්‍යසනය අද වන විට ජාතිය ගිලගෙන හමාරය. ජීවිතයත් මරණයත් අතර ජීවිතය යදින දරුවන්ගේ දෙමාපියන් ගුරුතුමා කෙරහි යොමු වන්නේ තම දරුවාට ජීවය ලබා දෙන ලෙස හඬා වැටෙමිනි. එවන් දරුවන් ගේ නාමය පරික්ෂා කරන ලෙස මට විශ්වය දැනුම් දුන්නේ නම් මම එය ඉටු කළෙමි .ඒ සෑම අවස්ථාවකම දරුවාගේ රෝගී ස්වභාවයට හේතුකාරක වී තිබුණේ කේන්දරය තුළ ඇති මරණය නාමය තුළින් බලවත් කිරීම හේතුවෙනි. අවාසනාවකට මේ සියලු නාමයන් මහා ප්‍රාඥයානන්ගෙ නාමයන් විය.
රට තුළ පැතිර යන වසංගත තත්වය හමුවේ ආශ්‍රමයේ දොරගුලු වසා දැමුනු බැවින් මද විවේකයක් ලැබුවෙමි . ඒ අතරතුරත් ගුරුතුමා මේ විවේකයෙන් ජාතියට පණ දෙන්න යැයි ඉල්ලා සිටි නිසා අලුත් කාරණාවකට මුලපුරන්නට මට සිදුවිය . ගෙවුණු දින කීපයේදීම උදෑසන 8 .30 සිට රාත්‍රී 11. 30 වනතුරු නො නවත්වා කෙරුණු නාම ඵල විග්‍රහය තුළ පෙර කාලයට වඩා අමුතු අත්දැකීමක් නොලැබිණි. මේ වන විට නාමයන් තිස් හයක් විග්‍රහ අවසන් කර ඇත. ඒ තුළින් ඉතාම නොවුනත් සුබවාදී නාමයක් තිබුණේ එකම එකක් පමණි. එහි ප්‍රතිඵලය යොමු කළ කල්හි ඒ දරුවා පවසා සිටියේ තමන්ගේ නාමය පටබැඳ ඇත්තේ විදග්ධ උත්තරීතර ගුරුවරයෙකු වූ යටිපහුවෙ හරමානිස් අප්පුහාමි ශ්‍රීමතාණන්ගේ ගෝලයෙකු වූ වාචිස්සර හිමි විසින් බවයි.
එය බොහෝ විඩාපත්ව සිටි මගේ මනසට පොද වැස්සක් වැනි නාමයක් විය. නාම ඵල විග්‍රහය අතරතුරදී සියලු දරුවන් වෙතින් පෙරලා ලැබුණේ එකම පිළිතුරකි. අම්මා විසින් දක්වා ඇති සියලු කරුණු අපි අද වන විට අත් විඳිනවා කියන එක ( කුඩාම බිලිඳුන්ගේ මාපියන් හැරුණුකොට)……
බොහෝ දෙනා කියන්නට වූයේ මා මුලින් කී මහා ප්‍රාඥයාණෝ විසින් හෝ ඔහුගේ උරුමක්කාරයන් විසින් තම නාමය ලබා දුන් බවයි………..
උන්නාන්සෙ කිසිදු විටෙක හෙළයට ද්‍රෝහී වීමේ අරමුණෙන් කටයුතු කළ අයෙක් නොවන බව මමද ඉඳුරා දනිමි. එසේනම්,
හෙලයක් ලෙස අපට වැරදුනේ කොතැනද?
මම භාවනාවේ ගුරුන් සොයා ගියෙමි……
නාම පට බන්ධනයක් සප්ත සීහුම් ප්‍රකාරව සිදු කළ යුතුය. එසේ කිරීමේදී එය ක්ෂණික නූඩ්ල්ස් පිළියෙල කරන්නක් ලෙස සිදුකළ නොහැකිය ඒ උදෙසා වෙහෙස මහන්සිය හා කාලය තුළ කැපකිරීමක් කිරීමට ශාස්ත්‍රවේදීයා තුළද සේවා දායකයා තුළද මනා හික්මීමක් හා ඉවසීමක් පැවතිය යුතුමය. මේ දෙකින් එකක් හෝ බිඳ වැටුන තැන යහපත පිහිටන්නේ නැත. විශ්වය විසින් යමෙකුට ශාස්ත්‍රය ප්‍රධානය කරයි ද විශ්වය විසින් එය නොඅඩුව ප්‍රදානය කරන නමුත් ලබන්නා එය අව භාවිතයේ යොදවයි නම් විශ්වය ඔහු රැගෙන යන්නේ නැත.
එසේම ඔහුගේ මඟ යන්නන් ද තීරණය කරන්නේ විශ්වය විසිනි .යහ මග යා යුත්තේ කවුරුන්ද නොමග යා යුත්තේ කවුරුන්දැයි විශ්වය විසින් තීරණය කරනු ලබන්නේ ඔවුනොවුන්ගේ විඳවීම මතය. අතරමගදී හෝ යහමග ලබන්නට කල්ක්‍රියාව මත යමෙක් අවස්ථාව උදා කර ගනීද එවිට විශ්වය විසින් ඔහුට යහ මග දක්වාලයි.
හාල් දියේ දමා පිටි කොටා පිටි හලා එම පිටි අනා දෙකොන ගින්දර දමා ආප්ප පිච්චීමට ගත වන කාලය පාරිභෝගිකයා බලා නොසිටින බව තේරුම් ගන්නා විටද, ඇතැම් විටෙක දෙකොන ගින්දර සමතුලිත නොවූ විට ආප්පය කරවන බව ද තේරුම් ගන්නා විට ද, ආප්ප බාස් විවෘත ආර්ථිකේ ලොරියෙන් බාන ආප්ප හැලියට ආ වඩන්නේ ය. ආප්ප කඩේ පෝලිමේ ඇති සියලු ගැනුම්කරුවෝ ද ආප්ප බාස්ගේ මේ තීරණය එක හඬින් අනුමත කළෝය. ඊට හේතුව පෙරට වඩා ඉක්මනින් සහ නෙත පිනවන ආකාරයෙන් දැන් ආප්ප ලැබෙන නිසාය. අද ඒ ආප්ප කෑ සියලු දෙනා අම්ලපිත්ත දාහයෙන් පෙළෙන්නෝ ය.
මගේ කෝණයෙන් බලන කල ආප්ප බාස් සියලු ගනුදෙනුකරුවන්ට ණය වී ඇත. සරල වචනයෙන් කිවහොත් ඔහු දැන් මුදලාලිය. නමුත් ඔහු මුළු ගමටම ණය ය.
එහෙත් ඔබ පුදුම වනු ඇත විශ්ව නියමයට අනුව ඔහු ගමට ණය නැත.
එය ඇතිවීම පැවතීම නැතිවීම යන චක්‍රයේ තවත් එක සංධිස්ථානයක් පමණි. සාස්ත්රය ඇතිවීම පැවතීම සේම එහි නැති වීම ද විය යුතු බව විශ්වයම නියම කර ඇත. ඒ උප්පත්තිය ලද සාස්ත්රය පැවතීමේදී යම් යම් හානි වීම් වලට ලක් වී ක්ෂය වී දුර්වලව වයෝවෘද්ධ තත්ත්වයේ පවතින විට එය නැවත අලුතෙන් ඉපදිය යුතු නිසාය. එය අලුතෙන් උපද්දවන්නට නම් පවතින දෙය මිය යා යුතුය. එසේම එය අලුතෙන් උපද්දවන්නට අලුත්ම කෙනෙකු පැමිණිය යුතු නිසාය . ඒ කෙනා රැගෙන එන්නේ විශ්වය විසින් බවත් ඒ අලුත්ම උත්පත්තියක් නොවන බවත් අතීතයේ පුනරාවර්ජනය ක් බවත් විශ්වය කියා දුන්නෙහිය.
එහෙත් ගව් ගණන් දුර ගෙවා බුදුන් දැක නිවන් ගිය අංගුලිමාලලා සිටි බුදු දවස ඇවැස්ස නෑකමේ උරුමය ලදමුත් දෙව්දත් අපාගත වූ බවත් කියාදුන් මගේ ගුරුන් ගැඹුරු විශ්වයේ නොපෙනී ගියේය……
ශාස්ත‍්‍රවේදිණි
ශබ්ද විද්‍යා විශාරද
හේෂාක්‍යා සිරි පනාගොඩ