Author Archives: ayu

නම වු කලී විශ්ව දොරටුව විවර කරන යතුරයි

හැම කෙනෙක්ටම නමක් තියෙනවා. නමක් විතරක් නොවෙයි පරපුරු නාමයකුත් තියෙනවා. ඇත්තටම අපි නමක් යොදන්නේ කුමක් වෙනුවෙන්ද ? ඒ පුද්ගලයාව හදුනා ගන්න.ඔව් ඒක ඇත්ත ….නමුත් ඉතිහාසය දෙස හැරිලා බැලූවොත් රජකෙනෙක් ඔටුණු පලදද්දි තමන් එතෙක් භාවිතා කල නාමය වෙනුවට වෙනත් නාමයක් යොදාගත් බව අපට පේනවා.

ඇයි එහෙම වෙන්නේ ….

අද කාලේ වගේ අම්මලා තියපු නම මොඞ් නැති නිසා මොඞ් කර ගන්න නම කෙටි කරනව වගේ කරුණක් ද ?නැහැ…. මම දකින්නේ වෙනත් දෙයක් …නමක් කියන්නේ තම බලය ගොඩනගන මෙවලමක්… නැතිනම් ජිවාත්මයයි පරමාත්මයයි එකට යා කරන දොරටුව හරින යතුරක්….යතුර හරිනම් දොරටුව හැරේවි…. නැත්නම් හැම දාම වැරදි යතුරක් දමමින් ඇරෙනකන් කරකව කරකව ඉන්න වේවි.මෙන්න මේ නිසයි රාජ්‍යත්වයට පත්වෙද්දිම බලවත් නමක් යොදා ගන්නේ

මෙවන් ආකාරයේ යතුරක් නැතිනම් තමන්ටම උරුම වුණු නමක් යෙදීම කියන්නේ සරල කාරණයක්නම් නොවෙයි. ටිකක් හිතන්න සුද්ධෝදන රජතුමා තම පුතුට නමක් තියන්න බමුණන් 108 ක් කැදෙව්වා.. ඒ තරමට එය අසීරු බව ඔහු දැන සිටීයා. ඉතින් එලෙස යෙදු නම විශ්ව දොරටු හරින්නට ඉඩ හසර විවර කල බව අපි දන්නවනේ

මම මේ කියන්න යන්නේ පසුගිය දිනක සිදුවුණු පුංචි සිදුවීමක්….

ආශ‍්‍රමයට යන එන දරුවෙක්ගේ කුලූදුල් දරු උපත පසුගිය දිනක සිදුවුණා..ඉතින් ඒ දරුවට නමක් පටබැදදෙන ලෙස ආශ‍්‍රමයේ අම්මගෙන් ඉල්ලීමක් කරා. නමක් පටබැදීම කියන්නේ ඉතා සංකීර්ණ කාරණයක් කියන එක ගොඩදෙනෙක්ට නොතේරෙන දෙයක් …

එයට හේතුව අපිව හුරු කරලා තියෙන්නේ රුපියල් පන්සීයක් ගිණුමට දැම්මම නම් 10/20 ඊමේල් කර එවන ක‍්‍රමයකටයි.ආශ‍්‍රමයේ එහෙම වෙන්නේ නෑ. මොකද නමක් පටබැදීමේදි ඔය කියන ආකාරයෙන් නම් ගොඩක් දිය නොහැකියි. උපරිම නම් තුනක් පමණ දිය හැකියි. එත් බොහෝවිට ආශ‍්‍රමයෙන් දෙන්නේ එක නමයි. දොරකට යතුරු ගොඩක් තියෙන්න බෑ කියලා අපි දන්නවනේ… එහෙම යතුරු ගොඩක් තියෙන දොරින් එලකුත් නෑනේ….

කොහෙම හරි ඒ දරුවට නමක් පටබැන්දා…එය ඒ දරුවගේ පියාගේ යහලූවෙක් පැමිණි නමත් රුගෙන ගියා. එදා හවස මගේ මුහුණු පොතට ඒ දරුවගේ පියා පණිවිඩයක් එවලා තිබුණා.

ගුරුතුමණි දුවගේ නාමකරණය අම්මා කරලා දුන්නා. පුදුම දෙයක් තියෙනවා.

දුව ඉපදුනේ හේමාස් රෝහලේ…
නම ගෙනියන්න ආපු යාලූවා හේමාල්…
අම්මා දුවට නම තබලා තියෙන්නේ හේමලී කියලා…
මම නම ගෙනියන්න ආශ‍්‍රමයට එවන්න කිහිප දෙනෙක්වම සුදානම් කර ගත්තත් විවිධ හේතු නිසා ඔහුන්ව වැලකිලා හේමාල්ට විතරයි එන්න පුලූවන් වුනේ…

මේ සියල්ලටම හේ අකුර සම්භන්ධ වෙලා……

ඉතිං තේරුම් ගන්න…

වෙන පැහැදිලි කිරීම් අවශ්‍ය නෑ..

යතුර කියන්නේ අන්න එකට….

ශාස්ත‍්‍රවේදිණි
ශබ්ද විද්‍යා විශාරද
හේෂාක්‍යා සිරි පනාගොඩ

නාමයක් පටබැදීම හා නමක් දැමිම අතර ඉතා විශාල වෙනසක් පවතී.

වර්ථමානය වන විට ශාස්ත‍්‍රය නොදත් සාමාන්‍ය මිනිසුන් පමණක් නොවේ බොහෝ ශාස්ත‍්‍රවේදීන් පවා මේ කාරණයේදී නමක් දාන්න එහෙමත් නැත්නම් නමක් තියන්න පෙළෙඔනවා මිස නාම පට බැදීමක් උදෙසා උත්සුක නොවිම නිසා ශාස්ත‍්‍රය අභාවය කරා යමින් ඒ තුලින් පරම්පරාගතව ජාතියේ වැනසීම ඇතිවී ඇති බව පෙනී යන කරුණක් .

මේ පිළිබඳව විටින් විට බොහෝ දැනුවත් කිරීම් කලද තවමත් අවසානාවකට 10 % ක් තරම් ප‍්‍රමාණයකටවත් මෙය වැටහී නැති බවයි දිනෙන් දින හැගී යන්නේ .

මීට පෙර අවස්ථාවකදී මා කියා සිටියා ජාතිය ගොඩනැගීමත් තවත් එකෙක් කරනතුරු බලා නොසිට තම තමන්ට හැකි කොටස කරන්ටය කියලා

දෙමාපියන් වශයෙනුත් ශාස්ත‍්‍රවේදීන් වශයෙනුත් ජාතිය ගැන හිතනවා නම් එය නාමය පටබැදීම කියන කාරණාවේදී ඉතා විශාල කාර්්‍යභාරයක් ඉටු කල හැකි බව සිහි තබාගත යුතුයි.

නාමයක් පට බැදීම කියලා කියන්නේ ලැබෙන අකුරකට කුමක් හෝ නමක් තියා ගැනීමට නොවේ .

නාමයක් පට බදිනවා කියා කියන්නේ ඉල්ලමක් ගොඩට ගෙන ඒ අතරින් මැණීකක් සොයා ගැනීම හා සමාන කාර්්‍යයක් .
එය ලෙහෙසි පහසු කාර්්‍යයක් නොවේ . නමුත් එසේ ඉතා අපහසුවෙන් ලබා ගන්නා මාණික්‍යය ජීවිත මොනතරම් සමෘද්ධිමත් කරනවාද?

ඒ තරම්ම සප්ත සීහුම් ප‍්‍රකාරව පට බැන්දාවු නාමය පරම්පරාවකම අභිවෘද්ධිය ඇති කරවන යතුරයි.

මොනතරම් කැගසා කීවත් තවමත් දකින්න ලැබේන්නේ ශුද්ධව තැබු නම් පට බැදුම් නොවේ .

දරුවනේ බුද්ධියෙන් හිතපල්ලා මේ කියා දෙන කාරණාව ගැන මා මෙතනදී කියා දෙන්නේ නම් පට බැඳුමක සම්පුරණ කාර්්‍යයම නොවේ ,

ශාස්ත‍්‍රය නොදත් දරුවන්ට තේරුම් ගත හැකි අත්‍යාවශ්‍ය ම එක් කරුණක් පමණක් සරල බසින් කියා දෙන්නම්.
මේ උත්සහය ජාතියට වැරදුන තැන කියා දෙන්න .

නාමයක් පට බඳිද්දී ගණ සීහුම කියා කාරණාවක් තියෙනවා.

මේ ගණ සීහුම ප‍්‍රකාරව අශුභ ගණ හතරක් සහ ශුභ ගණ හතරක් පවතිනවා.

සුභ ගණ හතරින් පිලිවෙලින්

ජය සම්පත් ලාභ
බල තේජස් ආයු
සෙත් යසස
ආයු ධෛර්්‍යය අභිවෘද්ධිය යනාදී සුභ ඵල ජීවීතවලට ලගා කරවන අතර

අසුභ ගණ හතරින් පිලිවෙලින්

ලෙඩ රෝ දුක්
ශෝක මරණ බිය
උමතු බව
ව්‍යසන ධනහානී යනාදී අසුභ ඵල ලගා කරවයි .

ඒ විතරක්ම නොවේ නාමයන් දෙකක් භාවිතා කිරීමෙදී ගණයක් පරව ගණයක් යෙදීම තුලත් ප‍්‍රථිඵල ඇති වෙනවා .
ඒ නිසා බන්ධනය කොට ඇති ගණයන්වල ස්භාවය අනුව ඒ ප‍්‍රථිඵලයත් සුභ හෝ අසුභ වෙනවා.

ඒ කොසේද යත් සුභ ගණයක් පරව සුභ ගණයක්ම යෙදීමෙන්
ශ‍්‍රී සමෘද්ධියඇතිවීම
ජීවිතයට ජයාදිය ගෙනදීම
සර්ව කාර්්‍යය සිද්ධිය
ප‍්‍රභූත්වය ලැබීම
සියලූ ලාභයන් ඇතිවීම ආදී සුභ ඵලයන් ඇති වීම සේම

අසුභ ගණයක් පරව අසුභ ගණයක්ම යෙදීමෙන්
ශූන්‍යත්වය බන්ධු පීඩාදිය ධනහානි ශෝකය ධෛර්්‍යය හීන වීම බන්ධු වෛරයන්ට ලක්වීම භාර්්‍යාව විනාශ කිරීම
තම විනාශය ඇතිවීම හා සිය කුලය නැසීම ආදී වු අසුභ ප‍්‍රථිඵල ජීවිත කරා රැුගෙන එනු ඇත .

හැරිලා බැලූවොත් අප මේ ටික අද අත් නොවිදීද ?

මේ සප්ත සීහුම් ප‍්‍රකාරයේ අවසන්ම සීහුමේ ප‍්‍රථිඵල පමණක් නම් ඉතිරිය ,,,,,,,,,,,

තේරුම් ගෙන නිවරදි කරගත්තොත් ජාතිය නිවරදි මගට අපට පුලූවන් වේවී අවම වශයෙන් තව අවුරුදු 15 කින් 20 කින් වත් බලවත් ජාතියක් යලි ගොඩ නගන්න ,

ශාස්ත‍්‍රවේදිණි
ශබ්ද විද්‍යා විශාරද
හේෂාක්‍යා සිරි පනාගොඩ

ව්‍යාපාරයකට නමක් තියන්න පෙර හිතන්න

ශාස්ත‍්‍රය මුදලට විකිනෙන්නේ අදයි….
මිට දශක දෙකකට පමණ වානිජකරණය ශාස්ත‍්‍රය මේ තරම්ම ගිලගෙන තිවුනේ නෑ

නමුත් බොහෝ සිදුවිම් වලදි අදටත් මට විසදාගන්න බැරි ගැටලුවක් තමයි අසම්පුරණ ශාස්තී‍්‍රය කි‍්‍රයාවන් එසේත් නැත්නම් නිවරදි නොවුනු ශාස්තී‍්‍රය කි‍්‍රයාවන් ඒ දශක දෙකකට පෙරදීත් සිදු වු වාර අනන්ත අප‍්‍රමාණව මුණ ගැසෙන්නේ ඇයිද කියන එක….

පසුගිය දිනකත් මෙවන් ගැටලුවක් උද්ගත වුනා ….

එක්තරා පුතෙක් තමන්ගේ ව්‍යාපාරයේ නම සුභදැයි නිර්ණය කරගැනීමට පැමිණියා…
ව්‍යාපාර නාමයේ ගණ බැදීමේ වරදක් නම් දක්නට තිබුනේ නෑ…
ඔහු තම වෙනත් කාර්්‍යක් උදෙසා ආශ‍්‍රමයට පැමිණි මොහොතකයි මට මේ ඉල්ලීම කලේ
අවස්ථානුකුලව පරීක්ෂා කල හැකි උනේ එපමණයි…

නමුත් එය නිවරදිම ක‍්‍රමය නොවන බව මා ඔහුට කියා දුන්නා…
ඔහු වෙනත් දිනයක පැමිණ තම කාරණය සම්පුරණ වශයෙන් ඉෂ්ඨ කර දෙන ලෙස මගෙන් ඉල්ලා සිටියා..
මා එම ඉල්ලීම පිළිගත්තා…

ඔන්න විවේකයක් ගෙන ඒ කරුණට හිත යෙදෙව්වා කියමුකො..
මා පියවරෙන් පියවර ඉදිරියට ගියා.. දෙයියනේ …..
ගණ බැදීමේ වරදක් නැතත් ඔහුට සුබම ලෙස එම ව්‍යාපාර නාමය සකස් වී තිවුනේ නෑ…
මා අලගිය තැන් මුලගිය තැන් නොසොයා ..
ඔහුට සුභ නාමයක් සකස් කරන්නට යෙදුනා

අප උපන් මොහොතේ අපට තබන නාමය ඉතාම වැදගත් ….

අදවන විට එහි වැදගතකම මවි දෙමාපියන් දරුවන් තියා ඇතැම් ශාස්ත‍්‍රවේදීන් පවා නොදැනීම නිසා පසු කාලීනව ඇති වන්නේ තම ජිවිතයේ වැදගත් අවස්ථාවන් හීදී පවා දරුවන් අපහසුතාවයට පත්වීමයි…

මේ දරුවාගේ නාමයත් එලෙස නිවරදි නොවූ ආකාරයෙන් තබා තිබුන බව මම දැකකා ..
ව්‍යාපාර නාමය හදන්න ඔ්න තම භාවිත නමට අනුකූල වන ලෙසයි .
අපි උප්පත්තියෙන් හිමිකරගන්නා කේන්ද‍්‍රය තුල සෑම ග‍්‍රහයෙකුම සුභවාදී නෑ .
හැම දෙනාම හිතා ඉන්නේ කුජ ශනි කේතු තමයි හොද නැත්තේ කියලා .
නෑ නාමකරණයේදී මතුපිටින් නෙවී ගැඹුරින් බලන්න ඔ්න .
ඇතැම් විටක ඉතාම සුභ එක ග‍්‍රහයෙකු පවා සොයාගන්න බැරි අවස්ථා යෙදෙන කේන්ද‍්‍ර මුණ ගැසී තිබෙනවා.

කොහොම උනත් මේ අකරතැබ්බියට මුණ දීපු දරුවාටත් ඉතාම අසුභ ග‍්‍රහයන් දෙදෙනෙකුගෙන් තමා නම තියා තිවුනේ ..

මතුපිටින් ඇති ශාස්තී‍්‍රය කරුනු දැක උපන් නැකතට දිනයට හෝ ලග්නයට නමට හිමි අකුරක් අරන් ඇවිත් තාලයට ගැලපෙන්න අම්ම තාත්තා තියන නම ළදරු පාසලේ පටන් දරුවාගේ ජීවිතයට මොනතරම් බලපෑම් කරනවාදැයි බොහෝ දෙමාපියන් දන්නේ නෑ..

ශාස්ත‍්‍රවේදිනුත් දෙමාපියන් දැනුවත් කල යුතුයි. මේ අකුරෙන් මේ අසුවල් ආකාරයට නම් ටිකක් යෝජනා කරන් එන්න හොද දේ මා විසින් තෝරා දිය යුතුයි කියලා…

දෙමාපියනුත් ඒ උපදෙස් පිලිපැදිය යුතුයි.. හැබැයි මතක තියාගන්න එහෙම හදන නම් පිටු ගණන් දෙන්න බෑ ..

ක්ෂණික ආප්ප වගේ දෙන්නත් ශාස්ත‍්‍රවේදීයෙකුට බෑ … හැබැයි දෙමාපියන් මේ හොයන රසය තුල විනාස වෙන්නේ දරුවන්ගේ ජීවීත .. පසුව මම ඒ පුතාට ඔහුගේ නමේ ඇති වරද පෙන්වා දුන්නා …

අද ඔහු දෙලොවක අතරමං වෙලා … ඔහුට ව්‍යාපාර නාමය සුබ ලෙසම සකස් කර ගන්නත් ඔ්නී … නමුත් අවුරුදු 28 ක් තරම් වයසක් පැනගිය ඔහු නැවත හැරී උපතට යන්නේ කෙසේදැයි තවම කල්පනා කරනවා විය යුතුය .

මා පෞද්ගලිකව ලත් අත්දැකීම් අතරේ එවැනි බොහෝ ගැටළු තිවුනා ..

ඇතැම් තරුණ මා පියන් ආශ‍්‍රමයේ ගුරුතුමා හමුවීමට එන්නේ තම දරුවාගේ දැඩි අසනිප තත්වයක් ගැන නිමිත්තක් බලන්නට හැබැයි ඔවුන් ගුරුතුමා ඉදිරියේ වාඩිවෙද්දීම විශ්වයෙන් මා වෙත එන පණිවිඩය තමයි දරුවාගේ නම බලනු යන්න … බොහො එවන් දරුවන්ගේ නාමය ගෙන බැලීමේදී එය සූර්්‍ය ගණයෙන් තබා තිබීම වගේම දරුවාට පීඩා ගෙන එන ග‍්‍රහයෙකුට හිමි අක්ෂරයකින් යුක්ත වුවා .

ඉතින් දරුවාගේ පුර්ව් කර්මය උදෙසා ඉණිමං තබා තිබුනේ ජීවය දුන් දෙමාපියන්මයි .

තවත් විටක සෙත් කවි ලිවීමේදි මට මුහුණ දෙන්නට වු ගැටලුවක් තමයි නාමාක්ෂර පක්ෂියාත් නැකැත් පකෂිියාත් අනේ‍යා්න්‍ය මහා වෛරී පක්ෂින් දෙදෙනෙකු වන ලෙසින් නම් සකස් කර තිබීම …
ඉතින් හිතන්න . ටිකක් නොවේ ගොඩක්………

කලබලේට ලේසියට ක්ෂනික වැඩ කරන්නට පෙර පරම්පරාවකම වගකීම පැවරෙන්නේ දෙමාපියන් වන ඔබටයි.

ඔබේ දරුවා අසාර්ථක වනවා යනු ඔහුගෙන් පැවතෙන සියලු දෙනාද අසාර්ථක වනු ඇත .

හිතන්න වරද කොතනද ? වරදට ඇගිල්ල දිගු නොකොට ඔබේ දරුවාගෙන්වත් වරද නිවරදි කරගන්න තව දශයක්වත් යද්දී ඉබේම සමාජය නිවරදි වෙයි එවිට

ශාස්ත‍්‍රවේදිණි
ශබ්ද විද්‍යා විශාරද
හේෂාක්‍යා සිරි පනාගොඩ